නැගෙනහිර පළාත් භාර අධ්‍යාපන නිලධාරීතුමාගේ එස් පී ඩී 3100 අංක දරන නිවේදනය අනුව ඇම් ඇම් වීරසූරිය සහ කේ එස් වීරකෝන් යන දෙපළ කන්තලේ අංක 07 දරන පාඨශාලාවේ වැඩ භාර ගන්නා ලදී. මෙතෙක් මෙම කොලනියෙහි මිනිසුන් පදිංචි වී නොමැත. එකල මෙම පාසල යුනිට් 07 පාඨශාලාව ලෙස නම් කර ඇත.
ජනපද නිලධාරී ජේ මල්ලව මහතාගේ ප්‍රධානත්වයෙන් 1954.10.25 වන දින උත්සවශ්‍රීයෙන් පාසල විවෘත කරන ලදී.
ශිෂ්‍ය ශිෂ්‍යාවන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සදහා 1954.10.28 දින ප්‍රෙද්ශයේ ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එම දිනයේම ඇතුළත් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ඇතුළත්ව මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 46ක් විය.
1954.12.27 වන දින ශිෂ්‍යයන් උසස් කිරීමේ පළමු පරීක්ෂණය පවත්වන ලදී.
1955 දී පාසලේ නම මොල්ලිපොතාන (සිංහල/දෙමළ) මිශ්‍ර පාඨශාලාව ලෙස වෙනස් කරන ලදී.
1960 වන විට මොල්ලිපොතාන සිංහල විද්‍යාලය ලෙස නම් කරන ලදී.
1999 වර්ෂයේදී 12 වන ශ්‍රේණිය ආරම්භ කිරීමත් සමග මහා විද්‍යාලයක් ලෙස නම් කරමින් ත්‍රි/මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලය ලෙස පාසලේ නම වෙනස් කරන ලදී.
2012 වර්ෂයේදී මෙම පාසලේ ප්‍රාථමික අංශය ඉවත් කර වෙනම පාසලක් ලෙස පැවැත්වීමට කටයුතු කරන ලද අතර මෙම පාසල 6 - 13 දක්වා ශ්‍රේණි පමණක් පවත්වාගෙන යනු ලබයි.
1954 සිට අද දක්වා විදුහල්පතිවරුන් 14 දෙනෙකු යටතේ පාලනය වූ මෙම පාසලෙහි මේ නව විට ගුරුභවතුන් 23 දෙනෙකු සේවය කරන අතර 6 - 13 ශ්‍රේණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 355 දෙනෙකු අධ්‍යාපනය ලබමින් සිටියි.