සිරිලක් අඹරේ පෑයූ සද සේ
සදා දිලේ අප හද අඹරේ
මොල්ලිපොතානේ විදු මෑණී
අප විදුහල් මෑණී...
අවිදු අදුර හැර නුවණැස පහදා
නව චින්තනයෙන් හදවත් පුරවා
ගුණ සුවදින් පිරි දරුවන් සදනා
අප විදුහල් මාතා
බැතින් වදිම් සිත් මලින් පුදා...
සිරිලක් අඹරේ...
ගුණ නැණ බලයෙන් රට දැය සරසමු
ලා හිරු එළියක් සේ ම දිලෙන්නෙමු
ඒ හිරු එළියෙන් පූදින මල් ගෙන
අප විදුහල් මාතා
සදා ඔබේ පා යුග නමදිම්
සිරිලත් අඹරේ...