විදුහල්පති පණිවිඩය
මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලය
නවීන ලෝකයත් සමග ඉදිරියට යාමේදී අද ලෝකය විශ්ව ගම්මාන සංකල්පයට පැමිණ ඇත. ඵ් හේතුවෙන් බොහෝ විට ලෝකය එක් තැනක සිට තවත් තැනකට ඇති දුර බොහෝ කෙටි වී ඇත. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ තොරතුරු තාක්ෂණයේ සිදු වී ඇති මහා දියුණුවයි. එය කෙසේද යත් අද ඕනෑම තොරතුරක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගැනීමටත් ඒ පිළිබදව සොයා බැලීමටත් හැකි වී ඇත.
මෙම විශ්ව ගම්මානය තුළ සිටින ශිෂ්‍යයන් ද බොහෝ විට මෙම තොරතුරු වලින් සන්නද්ධව සිටින්නේ ඒ නිසාය. විශේෂයෙන් විද්‍යාව හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉහළටම පැමිණීමටත් හැකි වී තිබෙන අතර ඉන්දියාව වැනි රටවල් ද බටහිර රටවල් පරදා අභ්‍යවකාශය වටා තරණය කර ඇත. මෙවන් යුගයක පාසල් මට්ටමින් අදාල තොරතුරු වෙබ් අඩවි වල ඇතුළත් කිරීම ඉතාම ප්‍රෙයා්ජනවත් වැදගත් කාර්යයන් වී ඇති අතර එමගින් අදාල පාසල පිහිටි ප්‍රෙද්ශයේ තොරතුරු පාසලේ තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමටත් හැකියාව ලැබී ඇත.
විදුහල්පති
මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලය.