2023 වර්ෂයේ ලෝක ළමා දින ය සැමරුම 2023 ඔක්තෝම්බර් මස 02 වන දින පාසල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.
කන්තලේ තිස්සපුර යුධ හමුදා 15 වන බලඇණි පාබල හමුදා අණදෙන නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු නිලධාරීන්ගේ සහයෝගයෙන් දරුවන් සදහා ප්‍රනීත දිවා ආහාර වේලක් ලබා දීම සහ ගායනා තරගයක් පවත්වා ත්‍යාග ලබා දීම සිදු කෙරිණි.
මීට සමගාමීව ලෝක වැඩිහිටි දිනය සැමරීම නිමිත්තෙන් පාසල අවට ප්‍රදේශයේ පදිංචි වැඩිහිටි මව්පියන් කිහිප දෙනෙකු සදහා ත්‍යාග ලබා දීම ද සිදුවිය.
ගුරුභවතුන් විසින් සංවිධානය කරන ලද විවිධ විනෝද ක්‍රිඩා රැසක් සදහා සහභාගී වීමට සහ ත්‍යාග ලබා ගැනීමට ද දරු දැරියන්ට අවස්ථාව සලසා දෙමින් සොදුරු මතකයන් රැසක් දරුවන්ට ලබා දෙමින් 2023 ලෝක ළමා හා වැඩිහිටි දිනය සැමරීම සාර්ථකව සිදු කරන ලදී.